Pages

Monday, November 11, 2013

මියැදෙමින්......


This was the first published photograph of my life. It was published in FB, and got some great comments from the experts. This is the way how i used to improve my skill. I'm not a professional photographer. I used my 2 MP camera phone to capture these moments. Post processing also done by the same "machine". Friends please be kind enough to leave your comment for me....

සැන්දෑ නිලාවැලිය



This was captured at Nilaweli beach, when we are on our batch trip. That's a nice day to remember. Not an ordinary day for "Nilaweli". there are no tourists. Only we and "Them".

Monday, October 14, 2013

සියැටල් සහ අපි

“වොෂින්ටනයේ ජනපති උතුමන් අපගේ ඉඩම් මිලදීගැනීමට සතුටු බව අපහට දන්වා එවා ඇත. නමුත් ඔහු කෙසේනම් මිලදීගන්නද අපගේ නිල් අහස, මහ පොලොව. ඒ අදහස අපව නම් අමුතුය. වාතයේ නැවුම් බවත් ජලයේ කාන්තියත් අපට අයිති නැතිනම්, අප ඒවා මිලදීගන්නේ කෙසේද?
මේ මහ පොලොවේ හැම බිම් කඩක්ම අපට පූජනීය වේ. හැම දිලිසෙන පයින්  කොලයක්ම, හැම දිලිසෙන වැලි වෙරලක්ම, හැම මීදුම් වලාවක්ම, හැම ඕවිටක්ම, හැම කුඩා ජීවියෙක්ම. අපගේ මුතුන් මිත්තන්ගේ මතකය හා අත්දැකීම තුළ මේ හැම අපට පාරිශුද්ධ වේ. ගස් වැල් තුලින් ගලායන සාරය අපගේ නහර තුලින් ගලායන රුධිරය බව අපි දනිමු. අප මහ පොලොවේ කොටසක් සේම, මහ පොලොව අපගේ ජීවිතයේ කොටසකි. මේ සුවද හමන මල් අපගේ සහෝදරියෝය. වලසුන්, මුවන්, රාජාලියන් අපගේ සොහොයුරෝය. කදු ශිඛර, තණ පිටියේ පිනිබිදු, පෝනියෙකුගේ උණුසුම හා අප එකම පවුලකට අයත් වන්නෝ වෙමු. ගංගා ඇළදොළ තුළින් ගලායන ජලය හුදෙත් ජලය පමණක්ම නොවේ, ඒ අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි.

අපගේ ඉඩම් ඔබට විකුණුවහොත්, ඒවා පූජනීය  බව මතක තබාගන්න. විල් ජලයේ හැම ඔපවත් පිළබිඹුවක්ම මගේ වර්ගයාගේ මතකයන් කියාපායි. ඒ ජලයේ කෙදිරීම මගේ මුත්තාගේ කටහඩයි. ගලායන ගංගා අපගේ සහෝදරයෝය. ඔවුන් අපගේ පිපාසය සංසිදුවාලයි. ඔවුන් අපගේ ඔරුපාරු දරාගෙන අපේ දරුවන් පෝෂණය කරයි. ඉදින් ඒ ගංගාවන්ට ඔබ ඔබගේ සහෝදරයෙකුට මෙන් ආදරය කල යුතුය.
 අපගේ බිම ඔබට විකුණුවහොත් මතක තබාගන්න, මේ වාතය අපට මහාර්ඝ වස්තුවක් බව.  ජීවය වාරු ලබාගන්නේ වාතයේ  ප්‍රාණයෙනි. මේ සුළග අපගේ මුතුන්මිත්තන්ට ප්‍රාණය ලබාදෙන්නා සේම ඔවුන්ගේ අවසන් සුසුමත් දරා සිටී. එසේම සුළග අපගේ දූදරුවන්ට ප්‍රාණජීවය ලබාදෙයි. ඔබ අපගේ බිම මිලදීගනනේ නම්, තණබිම් පුෂ්පයන්ගෙන් සුගන්ධවත් වූ ඒ සුළග සියළු මනුෂ්‍ය වර්ගයාට විදගත හැකි වන පූජනීය ස්ථානයක තැබිය යුතුය. අප අපගේ දරුවනට ඉගැන්වූ දෑ ඔබ ඔබගේ දරුවනට උගන්වනවාද? මේ මහ පොලොව අපගේ මව්න් බව? මිහිමවට අත්වන ඉරණමම ඇගේ දරුවන්ටන් අත්වන බව?
මහ පොලොව මිනිසාට අයිති නැත, මිනිසා අයිති වන්නේ මහ පොලොවටයි. රුධිරය අප සියළු දෙනා එක් කරන්නා සේ සියල්ල එකට බැදී පවතී. ජීවයේ වියමන මිනිසා විසින් ගොතන ලද්දක් නොවේ. ඔහු හුදෙක් එහි කුඩා පොටක් පමණි. ඔහු එයට සිදුකරන සැම දේම ඔහුටම නැවත සිදුවේ. අප එක් දෙයක් දනිමු, අප අදහන දෙවියන් ඔබ අදහන දෙවියන්ම වන්නේය. ඔහුට මහපොලොව පූජනීය වේ. මහ පොලොවට සිදුකරන සෑම හිංසාවක්ම එහි මැවුම්කරුවාට කරන අවමානයකි.
 ඔබගේ ඉරණම අපට අද්භූතය. මීහරකුන් සියළු දෙනා මරා දැමුවහොත් කුමක් සිදුවේද? අශ්වයන් සියළු දෙනා හීලෑවුවහොත්?  මහ වනයේ පාළු අහුමුළු මිනිසුන්ගේ දුර්ගන්ධයෙන් වැසීගිය හොත්? දැවැන්ත කදුගැට වල සොදුරු දසුන දුරකතන රැහැන් වලින් බොදවීගියහොත්? වනලැහැබ කොහේ තියේවිද? රාජාලියන් කොහේ යාවිද? ජවසම්පන්න පෝනියන්ට සුභපතා ඔවුන් දඩයම් කරන්නේ මන්ද? ඒ ජීවයේ අවසානය හා උන්නතියේ ආරම්භයයි.
අවසන් රතු මිනිසාත් මේ මහ වනයෙන් සමුගත් දා, ඔහුගේ මතකය මහා ප්‍රෙයරී තණබිම් හරහා පාව යන වළාකුලක සේයාව පමණක් වේ. මේ මහ වනය, වැලි වෙරළ එදිනටත් මෙහි දැකගත හැකි වේද? මාගේ මිනිසුන්ගේ ප්‍රාණජීවයෙන් බිදුවක් හෝ ඉතිරිව තිබේවිද? අප මේ මහ පොලොවට ආදරය කරන්නේ අලුත උපන් කිරිකැටියෙකු උගේ මවගේ හද ගැහෙන රිද්මයට ආදරය කරන්නා මෙනි. ඉතින් අපගේ ඉඩම් ඔබට විකුණුවහොත්, අප ඒවාට ආදරය කල ලෙසම ඒවාට ආදරය කරන්න. රැකබලාගන්න, අප ඒවා රැකබලාගත් ලෙසම.

 ඔබට මේ බිම ලැබෙන විට තිබූ ඒ මතකය එලෙසම ඔබේ මනසේ තබාගන්න. මේ බිම සියළුම දරුවන් වෙනුවෙන් හොදින් රැකබලාගන්න, එයට ආදරය කරන්න දෙවියන් අපට ආදරය කල ලෙසටම. අප මේ මහ පොලොවේ කොටසක් සේම, ඔබද මේ මහ පොලොවේ කොටසකි. මේ බිම අපට පුජනීය වන්නා සේම ඔබටද පුජනීය වේ. අප දන්නා එක් දෙයක් වේ, එනම් මෙහි ඇත්තේ එකම දෙවියෙකු පමණි, රතු හෝ සුදු කිසිදු මිනිසෙකු නැත. අවසානයේ අප සියළු දෙනා සොහොයුරන් වන්නෙමු..............................“  (සියැටල් විසින් ඇමරිකාවේ ජනපතිතුමන්ට ලියන ලද ලිපියේ පරිවර්ථනයකි. ඇමෙරිකානු ස්වදේශික නායකයෙකු වන සියැටල් තමන් පය ගසා සිටින මහපොලොවටත්, තම හිසට සෙවන දෙන නිල් අහසටත් අසීමිතව ආදරය කල අපූරු මිනිසෙකි.)